තිදරු මවක් අත්පා ගැට ගසා ඝාතනය කෙරේ

තිදරු වයෝවෘද්ධ මවක් අත්පා බැද ගැට ගසා නිරුවත් කර මරා දමා සිටිය දී හමුවී තිබෙයි

මදුරන්කුලිය නල්ලන්දළුව ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි සෙල්වමරික්කාර් අයිනා උම්මා නැමති තිදරු මවක් බව පොලිසිය කියයි.

මෙම තිදරු මව තනිව ඇයට අයත් පොල් ඉඩම තුළ වු නිවසේ වාසය කර ඇති බවත් දරුවන් ඇයව බැලිමට පැමිණ  ඇත්තේද ඉදහිටය.

ඇය ද දරුවන්ගේ නිවෙස් වෙත යාමට එතරම් කැමැත්තක් තිබි නොමැති විම මත තනිව නිවස තුළම රැදි සිට ඇති  බවද පරික්ෂණ වලදි සනාථ වී ඇත.

මෙම වත්තට පොල් අතු රැගෙන යෑමට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු මෙම දේහය දැක පොලිසිය දැනුවත් කර තිබෙයි.

මෙම නිවසේ තිබූ මරණකාරීයට අයත් මුදල් සහ රන් ආභරණ පැහැර ගැනීමට මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සැකකරයි

මදුරන්කුලිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි