ජනපති සටනින් ඉවත්වූ හේතුව බයිඩ්න් කියයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසන්නේ ඔහුගේ අපේක්ෂකත්වය පිළිබඳ අභ්‍යන්තර සටන ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට සැබෑ අවධානය වෙනතකට යොමු කිරීමක් වනු ඇති බවයි.

ඔහුගේ ඉහළම ප්‍රමුඛතාවය නොවැම්බර් මාසයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කිරීම බවද ජනාධිපතිවයා පෙන්වාදී ඇති බව සඳහන්.

ඉවත් වීමෙන් පසු ඔහුගේ පළමු සම්මුඛ සාකච්ඡාවේදී ජෝ බයිඩ්න් පැවසුවේ ඔහුගේ සෞඛ්‍යය පිළිබඳ බරපතල ගැටලුවක් නොමැති බවයි.

ජනාධිපතිවරයා කමලා හැරිස් වෙනුවෙන් ප්‍රචාරක කටයුතු කිරීමට ප්‍රතිඥා දී ඇති බවත් ඔහුගේ උප ජනාධිපතිවරයා මට බොහෝ උපකාර කිරීමට කළ හැකි යැයි සිතන ඕනෑම දෙයක් කිරීමට යන බව සඳහන්.

“අපි ට්‍රම්ප් පරාජය කළ යුතුයි, අපි අනිවාර්යයෙන්ම පරාජය කළ යුතුයි” යනුවෙන් ජනාධිපතිවරයා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කළ බවද වාර්තා වනවා.