අලි සබ්‍රිට තවත් අමාත්‍ය ධුරයක්

අලි සබ්‍රි මහතා අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබෙනවා.

ඔහු දරනු ලබන විදේශ අමාත්‍ය ධුරයට අමතරව අදාළ අමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇති බව සඳහන්.

අද (12) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අලි සබ්‍රි මහතා, නව අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබෙනවා.

අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍ය ධුරයේ මීට පෙර කටයුතු කළ විජයදාස රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් අනතුරුව එම අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතේ පැවතුණා.