සීඝ්‍රගාමී දුම්රියේ ගැටී තරුණයෙක් මරුට

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී පුද්ගලයෙකු ඊයේ (11) රාත්‍රීයේ  මියගොස් තිබේ.

පිළිමතලාව සහ පැණිදෙනිය දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව තිබෙයි.

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පවසයි.

මරණකරු අවුරුදු 35ක් පමණ වන පුද්ගලයෙකු බවත් උස අඩි 06 අඟල් 04ක් පමණ වන අතර, දම්පාට කොට කලිසමක් හා අළු පැහැති ටී ෂර්ට් එකක් ඇඳ සිටි අයෙකු බවත් පොලීසිය පවසයි.

මෘතදේහය පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.