නාමයෝජනා පත්‍රයට අනුර අත්සන් තියයි

ජනපතිවරණය වෙනුවෙන් වන නාම යෝජනා පත්‍රයට ජාතික ජන බලවේගය පක්ෂයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අත්සන් තබා තිබෙනවා.

අද (12) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී එම අත්සන් තැබීම සිදුවුණා.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහත්වරුන් ඇතුළුව එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා.