ජනපතිවරණයේ නාමයෝජනා භාරගන්නා දිනයේ STF ආරක්ෂාව

ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා භාරගැනීම සිදු කරන දිනයේදී රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට සහ ඒ අවට කලාපයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

නාමයෝජනා භාරගැනීම ලබන 15 වනදා සිදු කිරීමට නියමිත අතර එදින පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ 1,500 ක පමණ පිරිසක් ආරක්ෂාව සඳහා යෙදවීමට අපේක්ෂා කෙරෙන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

මීට අමතරව අදාළ දිනයේදීමැතිවරණ කාර්යාලයේ ආරක්ෂාව සඳහා එදින විශේෂ රථවාහන සැළැස්මක්ද ක්‍රියාත්මක බව සඳහන්.

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන 15 වනදා පෙරවරු 9.00 සිට 11.00 දක්වා පැවැත්වෙනු ඇති.

මැතිවරණය සඳහා ඇප මුදල් භාර ගැනීමේ කාලය අනිද්දා මධ්‍යහ්න 12න් අවසන් වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 27 දෙනෙකු මේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇති බව සඳහන්.