සීසීසී-ඒස් කැපි­ටල් අව­සන් ගැටුම අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය සංවි­ධාන කරන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් මහා තර­ගය සීසීසී ක්‍රීඩා සමා­ජය සහ එස් කැපි­ටල් ක්‍රීඩා සමා­ජය අතර හෙට (11) පෙර­වරු 9.45ට එස්එස්සී ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ.

සීසීසී පිල ලක්ෂාන් සඳ­කැන්ගේ නාය­ක­ත්ව­යෙන් තරග වදින අතර, ඒස් පිල තනුක දාබ­රේගේ නාය­ක­ත්ව­යෙන් තරග බිමට පිවි­සෙයි.

කණ්ඩා­යම් 18ක් කාණ්ඩ දෙක­කින් එක් වූ මේ තර­ගා­ව­ලියේ මූලික වට­යේදී ‘බී’ කාණ්ඩයේ අප­රා­ජි­ත­යන් වූ සීසීසී පිල අව­සන් පූර්ව තර­ග­යේදී පසු­ගිය වසරේ ශූර­යන් වූ එස්එස්සී පිල කඩුලු 8කින් පරා­ජය කර­මින් අව­සන් තර­ග­යට එක් විය.

ඒස් කැපි­ටල් පිල ‘බී’ කාණ්ඩයේ පෙර­මු­ණ­ගත් අතර, අව­සන් පූර්ව වට­යේදී මුවර්ස් පිල ලකුණු 89කින් පරා­ජය කර අව­සන් තර­ගයේ ස්ථාන­යක් වෙන් කර ගත්තේය.

පසු­ගිය වසරේ සීසීසී පිල තර­ගා­ව­ලියේ මූලික වටයේ සිව්වැනි ස්ථාන­යෙන් නිමා කර තිබූ අතර, ඒස් පිල මේ තර­ගා­ව­ලි­ය­කට අව­සන් තර­ග­යට පිවිසි පළමු අව­ස්ථාව මෙය වන අතර, පසු­ගිය වසරේ තර­ගා­ව­ලි­යේදී ඔවුන් ‘බී’ කාණ්ඩයේ අව­සන් ස්ථාන­යට පත්ව තිබීම විශේ­ෂ­ත්ව­යකි.

මේ දක්වා පැවති තර­ග­ව­ලින් පිති­ක­ර­ණ­යෙන් සහ පන්දු යැවී­මෙන් පෙර­මුණ ගැනී­මට තම කණ්ඩා­යමේ ක්‍රීඩ­ක­යන් සමත්ව සිටීම අද තර­ග­යේදී සීසීසී පිලට අම­තර වාසි­යක් වනු ඇත. අව­සන් පූර්ව තර­ග­යේදී ‘ඒ’ කාණ්ඩයේ තර­ග­වල සිය හොඳම ඉනිම (157) ක්‍රීඩා කළ පවන් රත්නා­යක ලකු­ණු­ලා­භීන් අතර පෙර­මුණ ගෙන ඇත්තේ තරග 9කදී ශතක 3ක් සමඟ ලකුණු 489ක් රැස් කර­මිනි. ඔහු මෙවර තර­ගා­ව­ලියේ වැඩිම ශත­ක­ලා­භියා ද වන අතර, පිති­ක­රු­වන් 7 දෙනකු ශත­ක­යක් බැගින් රැස් කර ඇත. චතු­රංග ද සිල්වා තරග 6කදී කඩුලු 18ක් බිඳ දම­මින් පන්දු යව­න්නන් අතර පෙර­මුණ ගනිද්දී ඒස් පිලේ වනුජ සහන් දෙවැනි ස්ථාන­යට පත්ව ඇත්තේ තරග 8කදී කඩුලු 16ක් බිඳ දම­මිනි.