ලෝක වෙළෙ­ඳ­පොළේ බොර­තෙල් මිල පහ­ළට

ජාත්‍ය­න්තර වෙළෙ­ඳ­පොළේ බොර­තෙල් බැර­ල­යක මිල අමෙ­රි­කානු ඩොලර් 75.8 දක්වා පහත වැටී­මෙන් වැඩි ප්‍රති­ලාභ ලොව තුන්වැනි විශා­ල­තම බොර­තෙල් ආන­ය­න­කරු වන ඉන්දි­යා­වට ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසු­ගිය සතිය වන විට බොර­තෙල් බැර­ල­යක මිල මාස අටක කාල­යක් තුළ ඩොලර් 4කින් පහත වැටී ඇති අතර, එය අමෙ­රි­කාවේ සහ චීනයේ ඉන්ධන පරි­භෝ­ජ­නයේ අවම වීමක් බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

බ්‍රෙන්ට් මිල දර්ශ­ක­යට අනුව බොර­තෙල් බැර­ල­යක මිල ඩොලර් 75.08ක් වන අතර, එය 3%ක අඩු­වී­මක් බවත්, ටෙක්සාස් මිල දර්ශ­කයේ බොර­තෙල් බැර­ල­යක මිල ඩොලර් 72.43ක් දක්වා පහත වැටී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. මෙම තත්ත්වය යටතේ ඉන්දීය ආර්ථි­ක­යට බොර­තෙල් වෙළෙ­ඳ­පොළේ වැඩි වාසිය හිමි­වනු ඇතැයි ද අනා­වැකි පළවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය