මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි දෙදෙනෙකු කොටු

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු හංවැල්ල පොලිසිය විසින් අත්අඩගුවට ගෙන තිබෙනවා

පසුගියදා 06 වැනිදා හංවැල්ල, තුම්මෝදර කුමාරි ඇල්ලට යන මාර්ගයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළවයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ

අදාළ ඝාතනයට සම්බන්ධ එක් පුද්ගලයෙකු වරකාපොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර ඔහු 24 හැවිරිදි වියේ පසුවන දොලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

එම සැකකරුගෙන් කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී මෙම අපරාධයට ආධාර අනුබල ලබාදුන් වයස අවුරුදු 47ක් වන හේවාදුන්න ප්‍රදේශයේ පදිංචිකරුකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා