කැලණි ගඟේ නාඳුනන මළ සිරුරක්

ග්‍රෑන්ඩ්පාස්, තොටලඟ පැරණි පොළ අසල කැලණි ගඟේ නාඳුනන මළ සිරුරක් තිබී සොයාගෙන තිබෙනවා

පොලිසිය පැවසුවේ මිය ගොස් සිටි පුද්ගලයා උස අඩි 05යි අඟල් 06ක් පමණ වන වයස අවුරුදු 45ත් 50ත් අතර වූ පිරිමි පුද්ගලයෙකු බවයි

ඔහු අවසන් වරට කළූ පැහැති දිග කලිසමක් සහ කළු හා අළු පැහැති කමිසයක් හැඳ සිට තිබෙනවා

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරන අතර මෘත ශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය සිදු කර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ