අලි ගහ­නය ගැන දීප­ව්‍යාප්ත සමී­ක්ෂ­ණය 17 වැනිදා ඇරඹේ

වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සැල­සුම් කළ අලි ගහ­නය පිළි­බඳ දීප­ව්‍යාප්ත සමී­ක්ෂ­ණය මෙම මස 17, 18 සහ 19 තෙදින තුළදී සිදු කෙරේ.

රට පුරා ස්ථාපිත සමී­ක්ෂණ මධ්‍ය­ස්ථාන 3130 කදී මෙම අලි ඇතුන් නිරී­ක්ෂ­ණය කිරී­මට කට­යුතු සැල­සුම් කර ඇතැයි වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් චන්දන සූරි­ය­බ­ණ්ඩාර මහතා පව­සයි.

මෙම සමී­ක්ෂ­ණ­යේදී දත්ත රැස්කි­රීම සඳහා වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ කාර්යය මණ්ඩ­ලය, වෙනත් රාජ්‍ය ආය­ත­න­වල කාර්යය මණ්ඩ­ලය, ආර­ක්ෂක හමුදා සාමා­ජි­ක­යන්, පුද්ග­ලික අංශයේ විවිධ ආය­ත­න­වල සේවා නියු­ක්ත­යින්, උසස් අධ්‍යා­පන ආය­ත­න­වල සිසුන් හා ස්වකැ­මැ­ත්තෙන් සහ­භාගි වන්නන් යොදා­ගනු ලබයි. ඔවුන් සඳහා අවශ්‍ය මූලික පුහු­ණුව ලබා­දී­මට කට­යුතු කර ඇති අතර එහිදී අදාළ කණ්ඩා­ය­ම්වල ආර­ක්ෂාව පිළි­බ­ඳව නිර­න්ත­රව සොයා බලන අතර ඔවුන්ට අවශ්‍ය අනෙ­කුත් අවම පහ­සු­කම් ලබා­දී­මට ද කට­යුතු කරන බව ද අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා සඳ­හන් කරයි. එමෙන්ම මෙසේ රැස්ක­රනු ලබන දත්ත විධි­මත් විශ්ලේ­ෂ­ණ­ය­කට ලක් කිරීම මඟින් අලි සමී­ක්ෂ­ණයේ ප්‍රති­ඵල නිකුත් කිරී­මට කට­යුතු කරන බව ද අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා අව­ධා­ර­ණය කරයි. රක්ෂිත ප්‍රදේශ ප්‍රකා­ශ­යට පත්කි­රීම හා පවත්නා රක්ෂිත ප්‍රදේ­ශ­වල තත්ත්වය ඉහළ නැංවීම, වන අලි – මිනිස් ගැටුම මැඬ­ලීම සඳහා උපා­ය­මා­ර්ගික සැල­සුම් පිළි­යෙල කිරීම හා යාව­ත්කා­ලීන කිරීම, සංව­ර්ධන කට­යුතු හා සංර­ක්ෂණ අව­ශ්‍යතා අතර තුල­නය තහ­වුරු කිරීම, අන්ත­ර්ජා­ති­කව ශ්‍රී ලංකා­වට ඇති සංර­ක්ෂණ වග­කීම් සම්බ­න්ධ­යෙන් ඇති කැප­වීම තහ­වුරු කිරීම හා ශ්‍රී ලංකාවේ අලි ගහ­නයේ ඉදිරි පැවැත්ම පිළි­බඳ පුරෝ­ක­ථ­න­යන්ට එළැ­ඹීම වැනි ඉලක්ක හා අර­මුණු සඳහා යොදා ගැනී­මට දත්ත හා තොර­තුරු රැස්කර ගැනී­මට හැකි­වීම අලි ගහ­නය පිළි­බ­ඳව සමී­ක්ෂ­ණ­යක අර­මුණ සහ වාසි අතර වෙයි.

දීප­ව්‍යාප්ත අලි ගහන සමී­ක්ෂ­ණය අව­සන් වරට පවත්වා ඇත්තේ 2011 වස­රේදී ය. එම සමී­ක්ෂ­ණ­යේදී මෙරට අලි ගහ­නයේ අව­මය සතුන් 5879ක් ලෙසත් එම ගහ­නයේ 55.09% ක් වැඩි­හිටි අලින් ද 25.03% ක් තරුණ වයසේ පසුවූ අලින් ද 12.04% ක් පැට­වුන් ද 6.04% ක් ළදරු අව­ස්ථාවේ සතුන් ද වූ බව වාර්තා වී ඇත.

ආසි­යානු අලියා (Elephas maximus) වාසය කරන සීමිත රට­වල් සංඛ්‍යාව අතු­රින් එකක් වන ශ්‍රී ලංකාව, මෙරට අලින්ගේ සංර­ක්ෂ­ණය ජාතික ප්‍රති­ප­ත්ති­යක් ලෙස පිළි­ගෙන ඇත.