ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජනරාල් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුවේ දී අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙනවා.

ඒ, භාර, දේපළ ලියාපදිංචි කිරීම් මෙන්ම මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ ඒ ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් භාර හා දේපළ ලියාපදිංචි කිරීම් සම්බන්ධ ඕනෑම සැක කටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහායි.

ඒ අනුව 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන අනුව, මූල්‍ය බුද්ධි ඒකකය විසින් මෙම අවබෝධතා ගිවිසුමට එළඹ ඇති බව සඳහන්.

මෙහිදී රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජනරාල් ඩබ්ලිව්. ආර්. ඒ. එන්. එස්, විජයසිංහ මහතා සහ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය සුභාති කීර්තිරත්න මහත්මිය අදාළ ආයතන වෙනුවෙන් අවබෝධතා ගිවිසුමට අත්සන් කර තිබෙනවා.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කර ඇති බව සඳහන්.