ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 75.8 දක්වා පහත වැටීමෙන් වැඩි ප්රතිලාභ ලොව තුන්වැනි විශාලතම බොරතෙල් ආනයනකරු වන ඉන්දියාවට ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය සතිය වන විට බොරතෙල් බැරලයක මිල මාස අටක කාලයක් තුළ ඩොලර් 4කින් පහත වැටී ඇති අතර, එය අමෙරිකාවේ සහ චීනයේ ඉන්ධන පරිභෝජනයේ අවම වීමක් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
බ්‍රෙන්ට් මිල දර්ශකයට අනුව බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.08ක් වන අතර, එය 3%ක අඩුවීමක් බවත්, ටෙක්සාස් මිල දර්ශකයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72.43ක් දක්වා පහත වැටී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මෙම තත්ත්වය යටතේ ඉන්දීය ආර්ථිකයට බොරතෙල් වෙළෙඳපොළේ වැඩි වාසිය හිමිවනු ඇතැයි ද අනාවැකි පළවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය