මෙරට ගඩොල් හා උළු කර්මාන්තයට නව තාක්ෂණික උපායන්

කොරියානු රජයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාව තුළ ගඩොල් සහ උළු කර්මාන්තය නව තාක්ෂණික ක්‍රම උපායන් තුළින් නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා විසින් කොරියානු ආයෝජකයින් සමග සාකච්ඡාවක් පරිසර අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වා ඇති බව සඳහන්.

මෙම වැඩපිළිවෙළ යටතේ නිෂ්පාදනයේ පවතින ගැටලු හඳුනාගෙන වායු විමෝචනය අවම කිරීමින් පරිසර හිතකාමී ක්‍රමවේදයන් ඔස්සේ තිරසාර බව ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.