නීති රීති කඩ­මින් එළ – මී ගවයන් ප්‍රවා­හ­නය කළ ලොරි රථ දෙකක් මාට්ටු

ලොරි රථ­යක පැට­විය හැකි සීමාව ඉක්ම­ව­මින් හිංසා­කාරි ලෙස එළ ගව­යින් සහ මී ගව­යන් 30ක් ප්‍රවා­හ­නය කළ ලොරි රථ 2ක් සමඟ සැක­ක­රු­වන් දෙදෙ­නකු පෙරේදා (08) රාත්‍රි අත්අ­ඩං­ගු­වට ගත් බව අනු­රා­ධ­පුර මූල­ස්ථාන පොලි­සිය පව­සයි.

මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ, කඳාන සහ රාගම යන ප්‍රදේ­ශ­වල පදිංචි වයස අවු­රුදු 26 සහ 54 වියේ පසු­වන පුද්ග­ල­යන් දෙදෙ­නෙකි.

උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලි­ස්පති බී.ටී. සුග­ත­පාල මහ­තාගේ උප­දෙස් මත ක්‍රියා­ත්මක වූ හදිසි සෝදිසි මෙහෙ­යු­ම­කදී සිදු කළ රථ වාහන පරී­ක්ෂා­ව­කදී අනු­රා­ධ­පුර යාප­නය හන්දිය ප්‍රදේ­ශ­යේදී සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගත් බව පොලි­සිය සඳ­හන් කළේය. මෙම සතුන් මරා කොළඹ ප්‍රදේ­ශයේ හෝටල් සඳහා මස් පිණිස විකි­ණී­මට සෙට්ටි­කු­ලම, පාලාඩි පුලි­ය­න්කු­ලම ප්‍රදේ­ශයේ සිට කොළඹ වැලි­සර දක්වා ප්‍රවා­හ­නය කර­මින් සිටි­යදී මෙලෙස අත්අ­ඩං­ගු­වට ගත් බව පොලි­සිය පව­සයි. ගව­යින් ප්‍රවා­හ­නය කිරීම සඳහා බල­පත්‍ර ලබා ගෙන බල­පත්‍ර කොන්දේසි උල්ලං­ඝ­නය කර­මින් මෙම ගව­යන් ප්‍රවා­හ­නය කිරීමේ වර­දට සැක­ක­රු­වන් දෙදෙනා අනු­රා­ධ­පුර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව ඇත.