නැවතත් ලංකාවේ විශාලතම ලේ දන්දීමේ වැඩසටහන කළ බ්‍රැන්ඩික්ස්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් ආයතනයක් වන බ්‍රැන්ඩික්ස්, අඛණ්ඩව 12 වැනි වරටත් රටේ විශාලතම ආයතනික රුධිර පරිත්‍යාගශීලියා ලෙස සම්මානයට පාත්‍ර විය. 2023 දී ශ්‍රී ලංකාව පුරා සිටින බ්‍රැන්ඩික්ස් කාර්ය මණ්ඩලය රුධිර පයින්ට් 3,658කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කළ අතර මේ වන විට 2011 වසරේ සිට ජාතික රුධිර බැංකුව වෙත රුධිර ලීටර් 46,000කට අධික ප්‍රමාණයකින් දායකත්වය ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ සෑම රුධිර පරිත්‍යාගශීලීන් 100 දෙනෙකුගෙන් එක් අයෙකු බ්‍රැන්ඩික්ස් පවුලට අයත් වන අතර, රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහන තුළ මූලිකම අපේක්ෂාව නම් සෑම බ්‍රැන්ඩික්ස් ආයතනයකම එක්ව මෙය සිදු කිරීමයි. බ්‍රැන්ඩික්ස් මඩකලපුව කණ්ඩායම නැවත වරක් පයින්ට් 800කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කළ විශාලතම පරිත්‍යාගශීලියා බවට පත් වූ අතර පසුව පොලොන්රුව සහ අවිස්සාවේල්ල ද කරට කර රුධිර පරිත්‍යාගයේ නිරත විය.

බ්‍රැන්ඩික්ස් හා බැඳුණු 24,200කට අධික සාමාජිකයින් සංඛ්‍යාවක් මෙම රුධිර පරිත්‍යාගය හා අත්වැල් බැඳ ගත් බව කීමට හැකි වීම මහත් ආඩම්බරයට කරුණකි.

බ්‍රැන්ඩික්ස් හා දිගුකාලීනව සහයෝගයෙන් කටයුතු කරන ජාතික රුධිර පාරවිලයන සේවාවේද හවුල්කරුවෙකු වන අතර මෙයට අමතරව, ‘ගිෆ්ට් ඔෆ් ලයිෆ්’ සමාගම හා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අංශයට බොහෝ සෙයින් වැදගත් වූ යටිතල පහසුකම් සහ වෛද්‍ය සේවා උපකරණ මඟින් ද විශාල දායකත්වයක් හා සහයෝගයක් ලබා දීමට සමත් වූ අතර, රට පුරාම රෝහල් පද්ධතිය ආවරණය වන ලෙස සනීපාරක්ෂක පානීය ජල ව්‍යාපෘතියටද උරුමකම් කියයි.