ජනාධිපතිවරණයට දැන් අපේක්ෂකයින් 27 ක්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයින් 27 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව ඊයේ (09) දිනයේදී පමණක් අපේක්ෂකයින් තිදෙනෙකු ඇප තැන්පත් කර ඇති බව සඳහන්

ඇප තැන්පත් කිරීම ආරම්භ වූ පසුගිය මස 26 වැනිදා සිට මේ දක්වා පිළිගත් දේශපාලන පක්ෂ 13කින් සහ වෙනත් දේශපාලන පක්ෂයකින් අපේක්ෂකයෙක් අදාළ ඇප මුදල් තැන්පත් කර ඇති බව සඳහන්.

එමෙන්ම ඡන්දහිමියෙකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 13ක්