ගිනි ගත් බංග්ලා­දේ­ශය අද ජන­පති රනිල් වැනි නාය­ක­යෙක් සොය­මින් සිටි­නවා ‘කාන්තා අපේ බලය’ සමු­ළු­වේදී ඇමැ­තිනී පවිත්‍රා වන්නි­ආ­රච්චි

සිසු අර­ග­ල­ක­රු­වන්ගේ ක්‍රියා­කා­ර­කම් හමුවේ ගිනි ගොඩක් බවට පත්වූ බංග්ලා­දේ­ශය, මෙරට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වැනි නාය­ක­යෙක් සොය­මින් සිටින බව වන­ජීවී හා වන සම්පත් සංර­ක්ෂණ සහ වාරි­මාර්ග ඇමැ­තිනී පවිත්‍රා වන්නි­ආ­රච්චි මහ­ත්මිය අව­ධා­ර­ණය කළේය.

ඒ මහ­ත්මිය මේ බව සඳ­හන් කළේ “කාන්තා අපේ බලය” මැයෙන් කොළඹ ශ්‍රී ලංකා ප්‍රද­ර්ශන හා සම්මේ­ලන මධ්‍ය­ස්ථා­නයේ දී ඊයේ (09) පෙර­ව­රුවේ පැවති කාන්තා සමු­ළුව අම­ත­මිනි.

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවති මේ සඳහා පක්ෂ භේද­යෙන් තොරව දිව­යින පුරා ප්‍රධාන කාන්තා සංවි­ධා­න­වල සහ ශාඛා සමිති සභා­ප­ති­ව­රි­යන් සහ නියෝ­ජි­ත­ව­රියෝ විශාල පිරි­සක් එක්ව සිටි­යහ. ප්‍රකෘ­ති­මත් වෙමින් පව­තින මෙරට ආර්ථි­කය ස්ථාවර කර­මින් දියු­ණුව කරා ගෙන යාමේ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ වැඩ­පි­ළි­වෙ­ළට තම පූර්ණ සහාය පළ කරන බවට මෙහිදී කාන්තා සංවි­ධාන නියෝ­ජි­ත­ව­රියෝ ජන­පති හමුවේ සපථ වූහ.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දක්ව­මින් ඇමැ­ති­ව­රිය මෙසේද පැව­සු­වාය.

එවැනි ඉර­ණ­මක් අපේ රටට එදා උරුම නොවුණේ මේ මාතෘ­භූ­මි­යට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වැනි නාය­ක­යෙක් බිහි වූ නිසායි. එව­කට සිටි ජනා­ධි­ප­ති­ව­රයා රටින් පිටව ගිය අව­ස්ථාවේ මේ මාතෘ­භූ­මියේ කිසිදු ලේ වැගි­රී­මක් සිදු­වී­මට ඉඩ නොතබා රාජ්‍ය­ත්වය ස්ථාපිත කර­මින් රට නැවත යථා තත්ත්ව­යට පත් කළේ රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­ව­ර­යායි. මාතෘ­භූ­මියේ නිවැ­රදි තීන්දු තීරණ ගන්නා කාන්තා­වන් ලෙස පක්ෂ පාට පසෙ­කලා, එකම පවු­ලක් ලෙස ඔහුගේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් එකතු වී සිටි­නවා.

බංග්ලා­දේශ රාජ්‍ය නායි­කා­වගේ නිල නිවෙස මෙන්ම පාර්ලි­මේ­න්තුව ද අර­ග­ල­ක­රු­වන් අත්පත් කර ගත්තා. එරට පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් 20කට වැඩි පිරි­සක් මේ වන විට ඝාත­නය කර තිබෙ­නවා. ඒ අර­ග­ල­ක­රු­වන්ගේ ක්‍රියා­කා­ර­කම් රූප­වා­හි­නි­යෙන් නර­ඹන විට එදා අප රටේ සිදු වුණෙත් එවැ­නිම දෙයක් බව පැහැ­දිලි වෙනවා. බංග්ලා­දේශ අර­ග­ල­ක­රු­වන් සංචා­රක හෝටල්, රාජ්‍ය ආය­තන ගිනි­තබා විනාශ කළා. මුළු බංග්ලා­දේ­ශ­යම ගිනි ගොඩක් බවට පත් කරනු ලැබුවා. එවැනි තත්ත්ව­යක් තුළ අද බංග්ලා­දේ­ශය ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ වැනි නාය­ක­යෙක් සොය­මින් සිටි­නවා.

එදා අපට එවැනි තත්ත්ව­යක් උරුම නොවුණේ මේ මාතෘ­භූ­මි­යට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වැනි නාය­ක­යෙක් බිහි වූ නිසයි. ඒ වගේම රටේ හිටපු නාය­කයා රටින් පිටව ගිය වේලාවේ, මේ මාතෘ­භූ­මියේ කිසිදු ලේ වැගි­රී­මක් සිදු­වී­මට ඉඩ නොතබා රාජ්‍ය­ත්වය ස්ථාපිත කර­මින් රට නැවත යථා තත්ත්ව­යට පත් කළේ රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­තු­මායි. මාතෘ­භූ­මියේ නිවැ­රදි තීන්දු තීරණ ගන්නා කාන්තා­වන් ලෙස අද අප පක්ෂ පාට පැත්ත­කට දමා, එකම පවු­ලක් ලෙස එතු­මාගේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් එකතු වී තිබෙ­නවා.