මෙවර යල කන්නයේ කුඹුරු ඉඩම් හෙක්ට­යාර් 7686ක වී වගා­වට හානි කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව කියයි

  • වගා හානි­ව­ලට මුදල් ගෙවී­ම­ටත් පිය­වර

කෘමි වසං­ගත හා ගංව­තුර හේතු­වෙන් මෙවර යල කන්නයේ දී වී වගා කළ කුඹුරු ඉඩම් හෙක්ට­යාර් 7686ක වගා හානි වාර්තා වී ඇතැයි කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි.

මෙයින් ගංව­තුර නිසා හානි­යට පත් කුඹුරු ඉඩම් ප්‍රමා­ණය හෙක්ට­යාර් 2908කි.රෝග හා පලි­බෝධ හානි නිසා හෙක්ට­යාර් 4778ක වී වගාව හානි­යට පත් වී ඇත. මේ වගා හානි වැඩි­පු­රම වාර්තා වන්නේ ත්‍රිකු­ණා­ම­ලය,අම්පාර,පුත්ත­ලම සහ රත්න­පුර දිස්ත්‍රි­ක්ක­ව­ලිනි.

යල කන්නයේ වගා හානි සම්බ­න්ධව කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අම­ර­වීර මහතා කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව වෙතින් කැඳ වූ වාර්තා­වක මේ තොර­තුරු අනා­ව­ර­ණය වී තිබේ.ඒ අනුව මේ වන­විට යල කන්නයේ වගා හානි වාර්තා වූ ප්‍රදේ­ශ­ව­ලට වගා හානි කඩි­න­මින් ගෙවී­මට පිය­වර ගන්නැයි ඇමැති අම­ර­වීර මහතා කෘෂි­කා­ර්මික හා ගොවි­ජන රක්ෂණ මණ්ඩ­ල­යට උප­දෙස් දී ඇත.

බොහෝ ප්‍රදේ­ශ­වල තව­මත් අස්වනු නෙළ­මින් පව­තින බැවින් අස්වනු නෙළීම අව­සන් වූ වහාම වගා හානි සඳහා මුදල් ගෙවී­මට කෘෂි­කා­ර්මික හා ගොවි­ජන රක්ෂණ මණ්ඩ­ලය කට­යුතු යොදා තිබේ.

වගා හානි එසේ වූවද මෙවර යල කන්නයේ වගා කළ සමස්ත කුඹුරු ප්‍රමා­ණය වන හෙක්ට­යාර් 480,000කින් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 20ක අස්වැ­න්නක් ලැබෙනු ඇතැයි ඇස්ත­මේන්තු කර ඇති අතර එය මින්පෙර යල කන්න­ව­ලට සාපේ­ක්ෂව ඉහළ අස්වැ­න්නකි.මින් පෙර යල කන්න­වල දී ලද වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලි­යන 1.5ක් පමණ වේ.වගා කරන ලද වප­ස­රිය අනුව සමස්ත වී වගා කළ කුඹුරු ප්‍රමා­ණ­යෙන් සිය­යට 77ක් නාඩු වී වර්ග ද, සිය­යට 11ක් සම්බා වී වශ­යෙන් ද, සිය­යට 12ක් කීරි සම්බා වශ­යෙන් ද වගා කර ඇත.