උල්හි­ටිය රත්කිඳ ජලා­ශයේ පිට­වානේ ගේට්ටු 5ක් අරී ජන­තා­වට විම­සි­ල්ලෙන් සිටි­න්නැයි උප­දෙස්

උල්හි­ටිය රත්කිද ජලා­ශයේ ජල මට්ටම ඉහ­ළ­යෑ­මත් සමඟ අද (9) පස්ව­රුවේ ජලා­ශයේ පිට­වානේ ගේට්ටු පහක් විවෘත කළ හෙයින් ජලා­ශ­යට පහළ ජන­තා­වට දැඩි විම­සි­ල්ලෙන් සිටි­න්නැයි උල්හි­ටිය රත්කිද ජලාශ භාර නිල­ධාරි දීප්ත ජය­සේ­කර මහතා පව­සයි.

2024 යල­ක­න්න­යට උල්හි­ටිය රත්කිද ජලා­ශ­යෙන් වාරි ජලය නිකුත් කිරීම අව­සන් වීමත් , දැනට පව­තින වර්ෂා­වත් සමඟ උල්හි­ටිය රත්කිද ජලා­ශයේ ජල මට්ටම ඉහළ යමින් රඳවා ගත යුතු ප්‍රමා­ණය ඉක්මවා යන හෙයින් මෙසේ මීටර් 0.1 බැගින් ජලා­ශයේ පිට­වානේ ගේට්ටු පහක් විවෘත කළ බව හෙතෙම කීය.

මේ පිට­වානේ ගේට්ටු විවෘත කිරී­මත් සමඟ ගිරා­දු­රු­කෝට්ට උල්හි­ටිය මාර්ගයේ රත්කිද කෝසුව ජල පහ­රින් යට වී යන බව පව­සන උල්හි­ටිය රත්කිද ජලාශ භාර නිල­ධාරි දීප්ත ජය­සේ­කර මහතා එම ජන­තා­වට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට ද දැනුම් දී සිටි. ඡායා­රූප-සොර­ණා­තොට සමුහ:සී ගමගේ