මෝදි බංග්ලාදේශයට කියූ පණිවිඩය

බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් හට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තම සුබ පැතුම් එක් කර තිබෙනවා.

එහිදී අග්‍රාමාත්‍යවරයා තම X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ හින්දු සහ අනෙකුත් සියලුම සුළුතර ප්‍රජාවන්ගේ ආරක්ෂාව සහ ආරක්ෂාව සහතික කරමින් ඉක්මනින් යථා තත්ත්වයට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

එමෙන්ම එය ඉටු කිරීම සඳහා බංග්ලාදේශය සමඟ කටයුතු කිරීමට ඉන්දියාව කැපවී සිටින බවද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වැඩිදුරටත් තම X පණිවිඩයේ සදහන් කර තිබෙනවා.