ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

අනිද්දා (11) දිනයේ ප්‍රදේශ කිහිපයකට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණඩලය දැනුම් දී තිබෙනවා.

පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැය 12ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණඩලය දැනුම් දී ඇත්තේ.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක, සීදූව නගර සභා බල ප්‍රදේශවලට සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇල, කටාන, මිනුවන්ගොඩ, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මෙන්ම ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයට සිදුකර තිබූ දැනුම් දීමකට අනුව මෙම ජල සැපයුම අත්හිටුවන බවයි දැනුම් දී ඇත්තේ.