කැලණිය සරසවියට හෙළ බොජුන් හලක්

විශ්වවිද්‍යාල ප්‍රජාවට වස විසෙන් තොර, පෝෂ්‍යදායි මෙන්ම දැරිය හැකි මිලකට ආහාර ලබා දෙමින් සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු ප්‍රවර්ධනය කිරීම සහ දේශීය ප්‍රජාවට සහාය වීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ඉදිකෙරුණු Òහෙළ බොජුන්Ó ආපන ශාලාව උපකුලපතිනි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (06) කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨ හා සමාජයීය විද්‍යා පීඨ පරිශ්‍රයේ දී විවෘත කෙරිණි.

පීඨාධිපතිවරු, විශ්වවිද්‍යාල ලේඛකාධිකාරි, විශ්වවිද්‍යාල මූල්‍යාධිකාරි, ප්‍රධාන වෛද්‍ය නිලධාරී, අංශ ප්‍රධානීන්, පරිපාලන නිලධාරීන්, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ (බස්නාහිර පළාත්) ඒ.එම්. ගුණවර්ධන මහත්ම මහත්මීන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සෙසු නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.