වැලමිටියාවේ සීලරතන මාහිමියෝ අපවත් වෙති

බියගම ඓතිහාසික හෙයියන්තුඩුව පුරාණ විහාරාධිපති ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ සියනෑ කෝරළයේ ප්‍රධාන සංඝනායක මාවරමණ්ඩිය ශ්‍රී ධීරානන්ද පිරිවෙනේ හිටපු පරිවේණාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත වැලමිටියාවේ සීලරතන නායක මාහිමියෝ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (08දා) පෙරවරුවේ අපවත් වූහ.

ශාසනික ආගමික සාමාජයීය වශයෙන් ප්‍රදේශයට අතිමහත් සේවාවක් ඉටුකළ සීලරතන මාහිමියෝ 1980 මාර්තු 26දා පැවිදි දිවියට එළඹුණහ. 1986 -06-14 දින උපසම්පදා ශීලයෙහි පිහිටුවූ උන්වහන්සේගේ පැවිදි දිවියට වසර 45කි. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පසුව දැනුම් දෙනු ලැබේ.