කෙන්යාවේ නව කැබිනට්ටුව දිවුරුම් දෙයි -විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්

නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දීමත් සමඟ කෙන්යාවේ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බව ඉල්ලා සිටිමින් විරෝධතාවයේ නිරතවූවන්ට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

නයිරෝබි අගනුවර කේන්ද්‍ර කර ගනිමින් මෙම විරෝධතා පැවැත්වෙන අතර නගරයේ ව්‍යාපාරික ස්ථාන ද වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම පොලිස් මාර්ග බාධක ද යොදවමින් විරෝධතා වලක්වාලීම සඳහා පියවර ගෙන ඇති නමුත් තවදුරටත් විරෝධතා පැවැත්වෙන බව සඳහන්.

ඉහළ ජීවන වියදම මධ්‍යයේ බදු වැඩි කළ හැකි මතභේදාත්මක මූල්‍ය පනත් කෙටුම්පතකට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන ලෙස නීති සම්පාදකයන්ගෙන් මූලික ඉල්ලීම් සමඟින් ජූනි 18 වනදා සිට කෙන්යාවේ විරෝධතා ආරම්භ වුණා.