ආනයනය තහනම් කෘෂි රසායනික සමග තිදෙනෙක් අත්අඩංගුවට

දිවුලපිටිය නගරය ආසන්නයේදී මෙරටට ගෙන්වීම තහනම් කරන ලද කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙම කෘෂි රසායනික ද්‍රව්‍ය පැකට් 500 බැගින් අඩංගු පෙට්ටි 10ක් මෙලෙස සිය භාරයට ගත් බවයි.

ඒවායේ වටිනාකම රුපියල් 475,000කට ආසන්න බවත් අදාළ කෘෂි රසායනික පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාගේ අනුමැතිය නොමැතිව මෙරටට ගෙන්වීම තහනම් කරන ලද රසායනික ද්‍රව්‍යක් බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 39, 45 සහ 55 වයස්වල පසුවන කොළඹ ආශ්‍රිත පදිංචිකරුවන් වනවා