බංග්ලාදේශයේ ඉන්දියානු වීසා අයදුම් මධ්‍යස්ථාන වැසෙයි

බංග්ලාදේශයේ පිහිටි සියලුම ඉන්දියානු වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථාන නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ බංග්ලාදේශයේ උද්ගතව ඇති නොසන්සුන්තා හේතුවෙන් අදාළ පියවර ගෙන ඇති බවයි

එමෙන්ම, බංග්ලාදේශයේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් සහ කොන්සල් කාර්යාලවල අත්‍යවශ්‍ය නොවන කාර්ය මණ්ඩල ඉවත්කර ගැනීමට ද ඉන්දීය රජය පියවර ගෙන ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, ඩකා හි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ක්‍රියාත්මක වන අතර ජ්‍යෙෂ්ඨ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් කණ්ඩායමක් එහි රැඳී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

මේ අතර හමුදාවේ සහාය ඇතිව අද අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු සිදු කෙරන අතර නොබෙල් සාම ත්‍යාගලාභී ග්‍රාමීන් බැංකුවේ නිර්මාතෘ මුහම්මද් යුනුස් භාරකාර රජයට නායකත්වය දීමට නියමිතයි