මංතීරු කඩකිරීම නිසා අරුණ දර්ශන තරගාවලියෙන් ඉවතට

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන මංතීරු නීති උල්ලංඝනය කර තිබීම හේතුවෙන් ඔහුගේ ප්‍රතිඵලය අහෝසි කර තිබෙනවා.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන සිව්වැනි මංතීරුවේ තරග වැදුණු අතර ඔහු එම ඉසව්ව තත්පර 44 යි දශම 7යි 5ක කාලයකින් අවසන් කළා.

එම කාලය අරුණගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස වාර්තා අතරට එක්වුණු අතර ඔහුගේ දක්ෂතාව දෙවැනි වුණේ සුගත් තිලකරත්නට පමණයි.

කෙසේවෙතත් එම තරගයේදී අරුණ, ධාවන මංතීරු නිති උල්ලංගණය කර තිබීම හේතුවෙන් අරුණගේ එම දක්ෂතාව අවලංගු කිරීමට තරග සංවිධායකයන් කටයුතු කර තිබෙනවා.

ඔහු එම තරගයෙන් පස්වන ස්ථානය හිමිකර ගත්තා.