පොඩි හාමුදුරුවන්ගේ මතක දම් දෙසුම අද

අපවත්වී වදාළ කොළඹ ගංගාරාම විහාරාධිපති නව කෝරළයේ ප්‍රධාන සංඝ නායක ගල්ගොඩ ඤාණිස්සර නාහිමියන් වෙනුවෙන් පවත්වන මතක ධර්ම දේශනය අද (07) සවස 7.00ට ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වේ.

ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් විසින් ධර්ම දේශනාව පවත්වන අතර හෙට (08) දහවල් මහා සංඝරත්නය උදෙසා දානමය පින්කම පැවැත්වේ.