ඉතියෝපියාවේ තවත් නාය යෑමක්

ඉතියෝපියාවේ වොලයිටා ප්‍රදේශයේ සිදුවූ නාය යාමකින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබෙනවා.

පැවති අධික වර්ශාපතනයත් සමග මෙම නාය යාම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තවත් පිරිසක් මෙම සිදුවීමෙන් අතුරුදන්ව සිටින අතර ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව සඳහන්.

පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදාළ ප්‍රදේශයේ සිටින 3000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා.

පසුගිය මාසයේදී ද දකුණු ඉතියෝපියාවේ නාය යෑමක් සිදුවූ අතර එහිදී පුද්ගලයින් 200කට අධික පිරිසක් මියගොස් තිබුණා.