හමාස් නායකත්වයට ආ යහියා

හිස්වූ හමාස් නායකත්වයට යහියා සින්වාර් පත්කර තිබෙනවා.

2017 වසරේ සිට ගාසා තීරයේ හමාස් නායකයාව සිටි සින්වාර් මේ අනුව සංවිධානයේ සියලු දේශපාලන කටයුතුවල ප්‍රධානීත්වය දැරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දින දෙකක් පුරා දෝහා හි පැවති සාකච්ඡාවලින් අනතුරුව එම තනතුර සඳහා සින්වාර් පත් කර තිබෙනවා.

ඉරානයේ ටෙහෙරානයේ දී එල්ල වූ ප්‍රහාරයකින් හමාස් නායක ඉස්මයිල් හනියේ පසුගියදා ඝාතනයට ලක්වුණා.