රන්ජන් මඩුගල්ලේ වාර්තා පොත් අතරට

එක්දින තරග 400ක් විනිශ්චය කළ පළමු ICC තරග තීරකවරයා බවට ශ්‍රී ලංකාවේ රන්ජන් මඩුගල්ල අද (07) පත්විය.

ඒ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද පැවැත්වෙන 3 වන එක්දින තරගයත් සමඟයි.

ඔහු 1996 සිට 2019 දක්වා සියලුම ICC ක්‍රිකට් ලෝක කුසලාන තරග තීරකවරයා ලෙස කටයුතු කර තිබෙයි