පාරිභෝගික අධිකාරියෙන් වවුනියාවේ වෙළෙඳසල් 61කට නඩු

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වවුනියාවේ ගම්බද ප්‍රදේශවල සිදු කළ වැටලීම්වලින් වෙළෙඳසල් 61ක අයිතිකරුවන්ට පෙරේදා (05) වවුනියාව අධිකරණයේ නඩු පවරා තිබේ.

මේ නඩු 61න් 6ක් බේකරි සඳහා වන අතර, තවත් 48ක් සාමාන්‍ය සිල්ලර වෙළෙඳසල් සහ සුපිරි වෙළෙඳසල් වේ. ඉතිරි නඩු 7 පවරා ඇත්තේ හෝටල් හිමියන්ට එරෙහිවයි.

වවුනියාවේ ගම්බද වෙළෙඳසල් හිමියන් පාරිභෝගිකයන්ට කල් ඉකුත් වූ ආහාර අලෙවි කිරීම, අඩු බරින් යුතුව භාණ්ඩ මිණුම් කිරීම, වැරදි සහ අනුමත නොකළ තරාදි භාවිත කිරීම, මිල ගණන් සඳහන් නොකිරීම ආදී වැරදි රැසක් සිදු කර පාරිභෝගිකයන් ගසා කන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීහු ප්‍රකාශ කරති.

මේ හේතුව නිසා වවුනියාවේ කෝවිල්කුලම්, වෛරවපුලියන්කුලම්, කුරුමන්කාඩු, පට්ටනිචූර්, වේප්පන්කුලම්, නෙළුකුලම් යන ගම්බද පළාත්වල මේ වැටලීම් සිදු කොට තිබේ.