ගජමුතු දෙකක් සමඟ සැකකරුවෙකුට මාංචු

තිස්සමහාරාම පොලිසිය විසින් රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුත් ගජමුතු දෙකක් සමඟ සැකකරුවෙකු ඉකුත් 04 වැනිදා තිස්සමහාරාම නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු බුත්තල උනාවටුන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තිස්සමහාරාම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වයි.එම්. කුඩා ගොඩගේ මහතාගේ උපදෙස් මත අත්අඩංගුවට ගත් සැකකරු තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.