සූක්ෂම ලෙස යතුරු පැදි සොරකම් කළ පුද්ගලයෙකු කොටු

විවිධ ප්‍රදේශවල නවතා තිබූ සූක්ෂම ලෙස සොරකම් කළ පුද්ගලයෙකු එලෙස සොරාගත් යතුරු පැදි ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැල්ලවාය සහ බිබිල පොලිස් ස්ථානවල නිලධාරීන් ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙම සැකකරු විසින් අයිතිකරුවන් විසින් නවතා තබා යන යතුරු පැදි ක්ෂණිකව පණ ගන්වා පැහැරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී එලෙස සොරාගත් යතුරු පැදි 09ක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර ඉන් යතුරු පැදි 02ක් වැල්ලවාය ප්‍රදේශයේදී පැහැරගත් යතුරු පැදි බවයි පොලීසිය සඳහන් කර සිටියේ.

සැකකරු මොණරාගල ඔබ්බෙගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51 පුද්ගලයෙක් වන අතර සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැල්ලවාය පොලීසිය විසින් සිදුකරන බව සඳහන්.