සීෂෙල්ස් මුහුදේ අනතුරට ලක්වූ ලාංකික ධීවරයින් මුදා ගැනේ

සීෂෙල්ස් රාජ්‍යය ආසන්න මුහුදු ප්‍රදේශයේදී අනතුරකට ලක්ව අතරමංව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 9 දෙනා මුදාගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන් එරට වෙරළාරක්ෂක බලකාය විසින් මුදාගෙන ඇති අතර අදාළ ධීවරයින් පිරිස වික්ටෝරියා වරායට රැගෙන විත් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔවුන් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාරදීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලාංකික ධීවරයින් 9 දෙනෙකු රැගත් ධීවර යාත්‍රා දෙකක් සීෂෙල්ස් සිට කිලෝමීටර් 300ක් පමණ ඔබ්බෙන් ඉන්දියන් සාගරයේදී අනතුරකට ලක්ව තිබුණු බවටයි වාර්තා පළ වී තිබුණේ.

බ්ලූ ඕෂන් 02 සහ බ්ලූ ඕෂන් 06 ලෙස හඳුනාගෙන ඇති මෙම යාත්‍රා ජූනි 30 වැනි දින දික්ඕවිට වරායෙන් සෝමාලියාව බලා යාත්‍රා කර තිබුණා.