ෂෙයික් හසීනා පුත්‍රයා සිය මවගේ ඉදිරි තීරණය ගැන කියයි

බංග්ලාදේශ හිටපු අගමැති ෂෙයික් හසීනාගේ පුත් සජීබ් වාසීඩ් ජෝයි, සිය මව නැවත දේශපාලනයට නෙඑන බවත් ඇය දැඩි කලකිරීමකින් පසුවන බවත් සදහන් කර ඇත. ඔහු මේ බව පවසා ඇත්තේ බීබීසී ලෝක සේවයේ වැඩසටහනකට එක් වෙමිනි.

පසුගිය සඳුදා දක්වා සජීබ්, අගමැතිවරියගේ නිල උපදේශකයෙකු ලෙස කටයුතු කළ අතර ඉතා දරීද්‍රතාවයෙන් පෙළුණු රටක් ලෙස තිබූ බංග්ලාදේශය, ආසියාවේ සීග්‍රෙයන් දියුණුවන ආර්ථිකයක් කරා මෙහෙයවීමට ෂෙයික් හසීනාට හැකි වූ බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

ඔහු පවසන පරිදි ඉකුත් ඉරිදා දින සිය ධූරයෙන් අගමැතිවරිය තම පවුලේ දැඩි බලපෑම මත ඉල්ලා අස්වීමට සැලසුම් කර ඇත. පසුව ඇති වූ හදිසි විරෝධතා රැල්ල හේතුවෙන් ඇය ආරක්ෂාව පතා රට හැර ගිය බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

පැවැති රජය විසින් ම්ලේච්ඡ අන්දමින් විරෝධතාකරුවන් රාජ්‍ය බලය උපයෝගී කර ගනිමින් ඝාතනය කිරීම හේතු කරගනිමින් මෙම උග්‍ර විරෝධතා ඇතිවීමට හේතු වූ බවට නැගෙන චෝදනාවලට සජීබ් කියා සිටියේ, පොලිසියට විරෝධතාකරුවන් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පොලිස් නිලධාරීන් 13දෙනෙකු මරණයට පත්ව ඇති බවත් එසේවන විට පොලිසිය කිසිසේත්ම මහජනතාවට සමාව නොදෙන බවත්ය.