බංග්ලාදේශ අගමැතිනි ඉල්ලා අස්වීමත් සමග අන්තර්වාර රජයක් පිහිටුවීමට සැරසෙයි

බංග්ලාදේශයේ අන්තර්වාර රජයක් ස්ථාපිත කරන බව එරට හමුදා ප්‍රධානී ජෙනරාල් වේකර්-උස්-සමන් (Waker-Us-Zaman) පවසා ඇති බව විදෙස් වාර්තා පවසනවා

ඒ එරට අගමැතිනි, ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී සිය සහෝදරිය සමඟ හමුදා හෙලිකොප්ටරයකින් ඉන්දියාව බලා පිටත්ව යාම හේතුවෙන්

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ඇය ඉන්දියාවේ ඊසානදිග ත්‍රිපුර ප්‍රාන්තයේ අගනුවර වන අගර්තාලා වෙත ගොස් ඇති බවයි