පොහොට්ටුවෙන් ධම්මික ආවොත් වෙන දේ මෙන්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා නම් කිරීමෙන් පසුව එම පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට සූදානම්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව රත්නපුර, පොළොන්නරුව හා අම්පාර ඇතුළු තවත් දිස්ත්‍රික්ක නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් එලෙස එක්වීමට නියමිත බව සඳහන්.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වන විටත් ඒ සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡා අවසන්ව ඇති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම හෙට (07) දිනයේ සිදුකිරීමට නියමිත බව සඳහන්.