අතුරුදන්ව සිටි දුම්රිය සේවකයාගේ සිරුර හමුවෙයි

දින දෙකක කාලයක සිට අතුරුදන්ව සිටි බවට වාර්තා වූ දුම්රිය සේවකයාගේ සිරුර සොයාගෙන තිබෙනවා.

ඒ, දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ ළිඳක් තුළ තිබී එම මළ සිරුර සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම සේවකයා 49 හැවිරිදි වියේ පසුවුණා.