ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

සංචාරක ඉන්දීය සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 32ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 240ක් රැස් කළා

අනතුරුව ලකුණු 241ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දියාවට පන්දුවාර 42ක් පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 208ක් පමණයි.

ඒ අනුව දෙවන එක් දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 32ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක Rohit Sharma ලකුණු 64ක් ලබා ගත් අතර Virat Kohli ලකුණු 14කට දැවී ගියා.