ලොව වේගවත්ම කාන්තාව සාන්ත ලුසියාවේ ජුලියන් ඇල්ෆ්‍රඩ්

පැරිස් ඔලිම්පික් උළෙලේ වැඩිම අවධානයක් හිමි වූ ලොව වේගවත්ම කාන්තාව තේරීමේ මීටර් 100 කාන්තා තරගයේ ජය සාන්ත ලුසියා දේශයේ ජුලියන් ඇල්ෆ්‍රඩ් දිනා ගත්තාය.

තත්පර 10.72කින් තරගය නිම කළ 23 හැවිරිදි ඇය සාන්ත ලුසියා දේශයට ඕනෑම ක්‍රීඩාවකින් පළමු ඔලිම්පික් පදක්කම දිනාදුන් ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක්වූවාය. ලෝක ශූර අමෙරිකාවේ ෂාකරි රිචඩ්සන් තත්පර 10.87කින් රිදී පදක්කම දිනාගත් අතර, අමෙරිකාවේම මෙලීෂා ජෙෆර්සන් ලෝකඩ පදක්කම තත්පර 10.92කින් දිනා ගත්තාය.

මේ ඉසව්වේ රන් පදක්කම් 2ක් දිනූ ජැමෙයිකාවේ ෂෙලී ඈන් ෆෙසර් තත්පර 10.92කින් මූලික වටය ජයගත්ත ද, අවසන් පූර්ව වටයට සහභාගි නොවී ඉවත් වීම කාගේත් කතාබහට ලක්වූහ. “මම උදේම උසේන් බෝල්ට්ගේ තරග නැරඹුවා. ඔහු ක්‍රියාත්මක වන ආකාරය හොඳින් බැලුවා. මම මීටර් 100 හදා ගත්තේ ඔහු දෙස බලාගෙනයි. තරගයෙන් අනතුරුව ජුලියන් ඇල්ෆ්‍රඩ් පැවැසුවාය.