මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ ඉල්ලීම ඉටු කළ ජනපති

සිය විද්‍යාලයට අඩු පාඩුවක්ව පවතින සුහුරු පන්ති කාමරයක් ලබා දෙන ලෙස සහ ක්‍රීඩා පිටිය නවීකරණය කර දෙන ලෙස මහනුවර මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීම ඉටු කර දීමට ජනාධිපතිවරයා එම අවස්ථාවේම පියවර ගෙන තිබෙනවා

එම විද්‍යාලයේ සිසුන් අද (05) ජනාධිපති මන්දිරය නැරඹීමෙන් අනතුරුව ජනාධිපති කාර්යාලය වෙත පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව හමුවීමට අවස්ථාව ඉල්ලා තිබුණා

ඒ අනුව ජනාධිපතිවරයා දරුවන් වෙත පැමිණ ඔවුන් සමඟ සුහද කථා බහකට එක්වූ අතර එහිදි සිසුන් කළ ඉල්ලීම පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා එම කටයුතු කඩිනමින් ඉටුකර දීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් අතර යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් කඩිනමින් විද්‍යාලයේ ක්‍රීඩාංගණය නවීකරණය කිරීමට ද එහිදී උපදෙස් ලබා දී තිබෙනවා

පාසලේ අධ්‍යාපන කටයුතු සහ වත්මන් ප්‍රගතිය පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වු අතර ක්‍රීඩා මෙන්ම සිසුන්ගේ විෂයභාහිර ක්‍රියාකාරකම් දියුණු කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද අවධානය යොමු කෙරුණා