බංග්ලාදේශ අගමැතිනිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි -රටින් පලා යයි

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

එමෙන්ම ඇය එරට අගනුවර වන ඩකා නුවරින් ඉවත්වී ඇති බවට වාර්තා පළවන බවයි BBC පුවත් සේවය පවසන්නේ.

ඒ අනුව ඇය ඉන්දියාවේ අගර්තාලා නගරයට සිය සහෝදරිය සමග හෙලිකොප්ටරයකින් පිටත්ව ගොස් ඇති බව සඳහන්.

ඩකා අගනුවර පිහිටි අගමැතිනි ෂෙයික් හසීනාගේ නිල නිවසට දහස් ගණනක් විරෝධතාකරුවන් කඩා වැදී සිටින බවටද වාර්තා පළ වී තිබෙනවා.