මහඔය-අරලගංවිල මාර්ගයේ සිදුවූ බස් රථ අනතුරකින් පිරිසකට තුවාල

මහඔය – අරලගංවිල මාර්ගයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 22කු තුවාල ලබා තිබෙනවා.

මහ ඔය දෙස සිට අරලගංවිල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් පුද්ගලික බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් බස් රථ දෙකෙහි ගමන්ගත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙක්, කාන්තාවන් 12 දෙනෙකු, පිරිමි ළමුන් 06 දෙනෙකු සහ ගැහැණු ළමුන් දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා මහඔය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් එක් බස් රථයක රියදුරෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.