දියේ ගිලී මියගිය තරුණයා

ගම්පහ, කෙටවල ඇනිකට් එකේ දිය නාමින් සිටි තරුණයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

ඊයේ (03) රාත්‍රී කාලයේ මෙම සිදුවීම සිදුව ඇති අතර දියේ ගිලීමෙන් බරපතළ තත්ත්වයෙන් පසුවූ ඔහු ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි මියගොස් ඇත්තේ.

උඩුගම්පල ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණයෙකු දියේ ගිලීමෙන් මෙලෙස මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.