සුවා­ර­පොළ ත්‍රිරෝද රියක් හා මෝටර් රථ 2ක් ගැටී­මෙන් මහලු යුව­ළ­කට-දැරි­ය­කට තුවාල

පිළි­ය­න්දල මොර­ටුව පාර සුවා­ර­පොළ ප්‍රදේ­ශ­යේදී ඊයේ (2) ත්‍රිරෝද රථ­යක් සහ මෝටර් රථ දෙකක් එකි­නෙක ගැටී­මෙන් වයෝ­වෘද්ධ අඹු­සැමි යුව­ළ­කට බර­ප­තළ තුවා­ලද පාසල් දැරි­ය­කට සුළු තුවාල සිදු වී ඔවුන්ගේ දිවි අනූ­න­ව­යෙන් බේරී ඇතැයි පිළි­ය­න්දල පොලි­සිය කියයි.

අන­තු­රින් බර­ප­තළ තුවාල ලබා ඇත්තේ 68 හා 74 වියේ පසු වන අඹු සැමි යුව­ළකි. කොළ­ල­මුන්න හැඩි­ගම ප්‍රදේ­ශයේ නිවෙසේ සිට වයෝ­වෘද්ධ යුවළ ත්‍රිරෝද රථ­යෙන් කළු­බෝ­විල ශික්ෂණ රෝහලේ සාය­න­ය­කට සහ­භාගි වීමට යමින් සිටි­යදී පාසල් යෑමට බස් රථ­යක් බලා­පො­රො­ත්තුව මාර්ගයේ සිටි දැරි­යද එහි නංවා­ගෙන මොර­ටුව මාර්ගයේ පිළි­ය­න්දල දෙසට පැමි­ණෙ­මින් සිටි­යදී රාත්‍රී සේවා මුරය නිම කර නිවෙස කරා යමින් සිටි කර්මා­න්ත­ශාලා කළ­ම­නා­කරු පැදවූ මෝටර් රථය මාර්ගයේ ප්‍රති­වි­රුද්ධ දිශා­වට ගොස් ත්‍රිරෝද රථයේ සහ මෝටර් රථයේ ගැටී ඇතැයි පොලි­සිය සඳ­හන් කරයි. අන­තු­රත් සමඟ එම ස්ථාන­යට එක් රැස් වූ ප්‍රදේ­ශ­වා­සීන් තුවාල ලැබූ­වන් පිළි­ය­න්දල දිසා රෝහල වෙත යොමු කිරී­මෙන් අන­තු­රුව බර­ප­තළ තත්ත්වයේ සිටි වයෝ­වෘද්ධ යුවළ වැඩි­දුර ප්‍රති­කාර සඳහා කළු­බෝ­විල ශික්ෂණ රෝහල වෙත යොමු කිරී­මට පිය­වර ගත් බව රෝහල් ප්‍රකා­ශ­ක­යෙක් පැව­සීය. සුළු තුවාල ලද පාසල් දැරිය ප්‍රති­කාර ලබා­ගෙන මවු­පි­යන් පැමිණි පසු රෝහ­ලෙන් පිටව ගිය බව එම ප්‍රකා­ශ­කයා වැඩි­දු­ර­ටත් පැව­සීය.

අන­තු­රින් මෝටර් රථ දෙක­ටද අලාභ සිදු වී ඇත. සැක­කාර මෝටර් රථ රියැ­දුරු අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර, කැස්බෑව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය. පිළි­ය­න්දළ පොලි­සියේ වැඩ බලන ස්ථානා­ධි­පති (පො.ප) සංජීව අලු­ත්ගෙ­දර මහ­තාගේ උප­දෙස් මත රථ වාහන අංශයේ ස්ථානා­ධි­පති (උ.පො.ප) ඩබ්.ඒ.ආර්. බොතේජු මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් (පො.කො) සේනා­ධීර (73297) මහතා පරී­ක්ෂණ පව­ත්වයි.