තරුෂි ක්‍රීඩි­කා­වන් 50ක් අතු­රින් 45 වැනි තැනට

පැරිස් ඔලි­ම්පික් ක්‍රීඩා උලෙළේ මීටර් 800 මුලික වටයේ තර­ග­යට එක්වූ තරුෂි කරු­ණා­රත්න මිනිත්තු 2:07.76කින් තර­ගය නිම කොට සමස්ත ක්‍රීඩි­කා­වන් 50කින් 45 වැනි ස්ථාන­යට පත් වූවාය. පැරිස් ස්ටේට් ඩී ෆ්‍රාන්ස් ධාවන පථ­යට ශ්‍රී ලංකා වේලා­වෙන් ඊයේ රාත්‍රි 11.50ට පිවිසි ඇය මීටර් 800 මුලික වටයේ තර­ග­යෙන් අව­සන් පූර්ව වට­යට ඍජුව සුදු­සු­කම් ලබා නොගත් හෙයින් අද පෙර­වරු 11.20ට යළි ‘රිපී­චේජ් වටයේ’ තර­ග­යට සහ­භාගී වේ.

මූලික වටයේ හොඳම දක්ෂ­තාව මිනිත්තු 1:57.90කින් වාර්තා කිරී­මට ඉති­යෝ­පි­යාවේ ටිසිගේ ඩුග්මා සම­ත් වූවාය.

මීටර් 800 තර­ගයේ ක්‍රීඩි­කා­වන් 24ක් අව­සන් පූර්ව වට­යට තෝරා ගැනෙන අතර, පළ­මුව මූලික වට හයෙන් ජය­ග්‍රා­හි­කා­වන් තිදෙනා බැගින් 18ක් ඊයේ දිනයේ අව­සන් පූර්ව වට­යට ඍජුව සුදු­සු­කම් ලැබූහ.

මූලික වට­යෙන් ඉව­තට ගිය ඉතිරි 32 දෙනා ‘රිපී­චේජ් වටයේ’ අද යළි තරග කරන අතර, එයින් හොඳම කාලය වාර්තා කරන ක්‍රීඩි­කා­වන් 6ට අව­සන් පූර්ව වටයේ දොරටු විවිර කිරීම ඔලි­ම්පික් නව නීතිය වේ. 19 හැවි­රිදි තරු­ෂිගේ මෙතෙක් හොඳම පෞද්ග­ලික දක්ෂ­තාව මිනිත්තු 2:00.66ක් වුවද එය ඉක්මවා යෑමට ඊයේ දිනයේ හැකි­යා­වක් උදා වූයේ නැත.