IMF තුන්වන සමාලෝචනය ජනපතිවරණයෙන් පසුව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය ආධාර වැඩපිළිවෙළේ 03 වන සමාලෝචනය සිදුකරන කාල සීමාව සම්බන්ධයෙන් වන සාකච්ඡා එළඹෙන ජනාධිපතිවරණයෙන් පසුව සිදුකරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

IMF ජ්‍යේෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් එහි දූත මණ්ඩලයක් ඉකුත් සතියේ ශ්‍රී ලංකාවේ කළ සංචාරයකින් අනතුරුව මේ බව නිවේදනය කළා.