ෂාරුක් සිටි මහල් නිවා­ස­යෙන් පුතා කෝටි 37කට නි‍ව­සක් ගනී

බොලි­වුඩ් සින­මාවේ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ පුතු ආර්යන් ඛාන් දේපළ වෙළෙ­ඳා­මට පිවිසී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ඔහු කලක් සිය පියාට අයි­තිව තිබූ නව­දිල්ලි නුවර සුඛෝ­ප­භෝගී නිවාස සංකී­ර්ණ­යක මහල් දෙකක් ඉන්දීය රුපි­යල් කෝටි 37කට මිල දී ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. දකුණු නව­දිල්ලි නුවර පිහිටි එම නිවාස සංකී­ර්ණයේ පහත මාලයේ සහ බිම් මහලේ අයි­තිය මීට පෙර ෂාරුක් ඛාන්ට හිමිවී තිබූ බව ද, ඔහු සිය බිරිය ගෞරි සමඟ විවාහ වූ අලුත පදිං­චිව සිට ඇත්තේ එම මහල් නිවා­සයේ බව ද ඉන්දීය මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. සුඛෝ­ප­භෝගී නිවස සංකී­ර්ණයේ මහල් දෙක මිලදී ගැනීම සඳහා ආර්යන් ඛාන් පසු­ගිය මැයි මාස­යේදී ඉන්දීය රුපි­යල් කෝටි 2.64ක මුද­ලක් මුද්දර ගාස්තු වශ­යෙන් ගෙවා ඇතැයි ඉන්දි­යාවේ ඉකො­නො­මික් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය.